බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා ක‍්‍රියාත්මක කල මෙහෙයුමේ දී රජයට දඩ මුදල් වශයෙන් රුපියල් කෝටි 30 ක ආදායමක් හිමිව තිබෙනවා.රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සදහන් කලේ මෙහෙයුමේ දී බීමත් රියදුරන් 12,199 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.පසුගිය ජුලි මස 5 වැනිදා සිට අගෝස්තු මස 3 වැනි දින දක්වා කි‍්‍රයාත්මක කළ මෙම මෙහෙයුමේ දී බීමත් රියදුරන් 12,199 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම මුදල් උපයාගෙන ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සදහන් කළේ.මෙහෙයුමේ දී වැඩිම බීමත් රියදුරන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. ඉන් වැඩි පිරිසක් ති‍්‍රරෝද රථ රියදුරන් හා යතුරුපැදිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.බීමත් රියදුරන් අතින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා මෙම මෙහෙයුම් අඛණ්ඩව කි‍්‍රයාත්මකයි.