News Line| Off Air
Generic placeholder image

Sep
4

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට ජනපතිගේ සුභාශිංසන

881 Views


බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට ජනපතිගේ සුභාශිංසන

දුගීබව තුරන් කර සාමය උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කැපවීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ඒ සදහා ජාති, ආගම් භේදයකින් තොර ව සියලුදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බවද ජනාධිපතිතුමා සදහන් කළා.

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළ කරමින් උතුම් මහමත්තුමාගේ ඉගැන්වීමද එය බව ජනාධිපතිතුමා සිහිපත් කළා.

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර දින 10ක් පුරා පැවැත්වෙන සමුළුවේ සිව්වන දිනය වන අද දින සමුළු ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශිංසන පිරිනැමුවා.


News Articles
Latest Videos
Most Popular Post