News Line| Off Air
Generic placeholder image

Sep
4

ව්‍යාජ පුවතක් ගැන සංගක්කාරගෙන් පැහැදිලි කිරීමක්

494 Views


ව්‍යාජ පුවතක් ගැන සංගක්කාරගෙන් පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තමා සම්බන්ධ කර ගත් ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පැහැදිළි කිරීමක් සිදු කළා.

ඒ අනුව දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක කුමාර් සංගක්කාර පවසනවා.

අදාළ පුවත ව්‍යාජ එකක් බවද සංගක්කාර අවධාරණය කර තිබෙනවා.

අදාළ ඡායාරූපයෙහි දැක්වුණේ කුමාර් සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවයි. මෙම ඡායාරූපය සහිත ප‍්‍රවෘත්තියට ලොව හිටපු සුපිිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන එංගලන්තයේ කෙවින් පීටර්සන්ද අදහස් පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post