ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා ගත් මන්ත්‍රීවරු පස් දෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය හමුවකට එක් වෙමින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඒ අනුව විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත මන්ත්‍රීවරු වන්නේ ලක්ෂමන් යාපා, එස්.බී.දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා සහ ඒ. එච්.එම් ෆව්සි යන මන්ත්‍රීවරුන්ට එරෙහිවයි. මේ පිළිබද අදාල මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම විනය පරීක්ෂණ පැවැත් විමට නියමිත මන්ත්‍රිවරුන්ට කරුණු දැක්වීම සඳහා දින 7 ක කාලයක් ලබා දී ඇති බවත් ඊට අමතර කාලයක් අවශ්‍ය නම් එය සලකා බැලිය හැකි බවත්, මාසයක් තුළ මෙම කරුණු විමසා බැලීමට නියමිත බවත් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කලා.