කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු දුම්රිය ආරක්ෂණ අංශය අද අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තා මැදිරියේ ගමන් ගත පිරිසකුයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ. අත් අඩංගුවට ගත් පිරිසකගෙන් රුපියල් 1000- 1500 අතර දඩ මුදල් අය කර ඇති බවයි වාර්තා වන්නේ.