News Line| Off Air
Generic placeholder image

Sep
5

මම වොයිස් කට් වලට පමණක් බෞද්ධයෙක් නෙමෙයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

911 Views


මම වොයිස් කට් වලට පමණක් බෞද්ධයෙක් නෙමෙයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

අද(05)උඩුබද්දාව, හොරතැපොල ශ්‍රී පුෂ්පාරාමයේ රුපියල් ලක්ෂ 40 ක මුල්‍ය ප්‍රතිපාදන යොදා ඉදිකල ශ්‍රී පඤ්ඤාසීහ දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ද වන විට බෞද්ධාගම වැනසීමේ කුමන්ත්‍රණයක් ඇති බව පවසා සිටියා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දුෂ්කර විහාරස්ථානයක් මෙලෙස පරිත්‍යාග කිරීමට හැකියාව ලැබීම ගැන තමා සතුටු වන බවත් පැවසු අමාත්‍යවරයා, මෙම වැඩසටහන අභූත චෝදනා එල්ල කරමින් ප්‍රතිවාදීන් විසින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කරමින් ඊයේ දිනයේ විවෘත කිරීමට තිබු දහම් පාසල් අවහිර කළ බවද කියා සිටියේය. මෑත කාලයේ ප්‍රථම වතාවට දහම් පාසල් ගොඩනැඟිලි විවෘත කිරීම ආරම්භ කරනු ලැබුවේ තමා බවත් පැවසු අමාත්‍යවරයා, බලය තිබෙන කාලයේ ඇතැමුන් සම්බුද්ධ ශාසනය අමතක කළ බවත් පවසා සිටියා.
දහම් පාසල් ගොඩනැඟිලි 363 ක් ඉදි වෙන විට එය දේශපාලනික වශයෙන් අනතුරක් බවට ඇතැමුන්ට පෙනී ගොස් ඇතැයි පැවසු අමාත්‍යරවයා ඒ නිසා ඊයේ දිනය ඔවුන් විනාශ කර දැමු බවත් කියා සිටියේය. ඊයේ දිනයේ දි තවත් දහම් පාසල් 10ක් විවෘත කිරීමට තිබු බවත් මෙම යෝජනාව හේතුවෙන් ඒ සියල්ල අහිමි වු බවත් කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා, තමාව පැය 5ක් පාර්ලිමේන්තුවේ රදවා ගැනීම මෙහි අරමුණ වු බවත් පැවසීය.

තමා ”වොයිස් කට් බෞද්ධයෙක් නොවේ” යනුවෙන් ද පැවසු අමාත්‍යවරයා එවැනි අය අනුන් හදපු ගොඩනැඟිලි විවෘත කරමින් එළියට යන ගමන් බෞද්ධාගම වැනසෙන බව පවසන බවද කියා සිටියේය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් උපයෝගි කර ගනිමින් බෞද්ධ සිද්ධස්ථාන සැදිමේ දී ඒවා වැළැක්වීමේ මහා කුමන්ත්‍රණයක් ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, කවුරු කුමන බාධාවන් ඇති කළත් මෙම වසර තුළ දහම් පාසල් ශාලා 1000ක් ආගමික ස්ථානවල ඉදි කිරීම තම අරමුණ බවත් , කවුරු කුමන බාධාවන් ඇති කළත් මෙම වසර තුළ දහම් පාසල් ශාලා 1000ක් ආගමික ස්ථානවල ඉදි කිරීම තම අරමුණ බවත් එතුමා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post