News Line| Off Air
Generic placeholder image

Sep
5

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

1072 Views


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

ශ‍්‍රී ලංකාව සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් බවට වන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය පිරිනමා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත එම සහතික පිරිනමනු ලැබුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් කෙත‍්‍රාපල් සිං විසින්.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 72 වන සමුළුව අතරතුරදී මෙම සහතික පිළිගන්වා තිබෙනවා.ඒ අනුව සරම්ප රෝගය තුරන් කළ 05 වැනි අග්නිදිග ආසියානු රට වන්නේ ශ‍්‍රී ලංකාවයි. 2014 වසරේ සිට මෙරට තුළ සරම්ප රෝග මර්දන වැඩසටහන ක‍්‍රියාත්මක වුණා. 2016 වසරේදී අවසන් වරට මෙරටින් සරම්ප රෝගියෙකු වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post