ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වෙන 08 වන වටයේ සාකච්ඡාව ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී.
ඒ අනුව මිට පෙර සාකච්ඡා වට හතක් පවත්වා ඇති අතර අද මෙම හමුව සදහා සහභාගී වන පිරිස වන්නේ දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගිවන බව වාර්තා වනවා.