News Line| Off Air
Generic placeholder image

Sep
6

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ ලියකියවිලි වලට ජනපති අත්සන් කරයි

1071 Views


අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ ලියකියවිලි වලට ජනපති අත්සන් කරයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා අදාළ ලියකියවිලි වලට ජනාධිපතිවරයා අත්සන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

ඒ අනුව එම නඩු විභාගය සඳහා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය උදර්පන ඉල්ලීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පසුගියදා භාරදුන්නා.


News Articles
Latest Videos
Most Popular Post