ජනාධිපතිවරණය සඳහා කවරෙකු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වුවද, දැනට ප්‍රකාශයට පත්කර තිබෙන මැතිවරණය වන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට උපදෙස්දී තිබෙනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව අගමැතිවරයා පක්‍ෂ ප්‍රධානීන්ට මේ බව දැනුම් දී ඇති බව සදහන්.
එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමගද අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.