News Line| Off Air
Generic placeholder image

Sep
6

පාන් මිල ඉහළට

917 Views


පාන් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් තම සංගමය මෙම තීරණයට එළඹි බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.50 කින් වැඩි කරන ලෙස ප්‍රී‍්‍රමා සමාගම තමන්ට දැනුම් දුන් බව අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, පාරිභෝගික අධිකාරිය කියා සිටියේ තම අවසරයකින් තොරව මිල වැඩි කිරීම පිළිබදව වැටලීම් සිදුකර නීතිමය පියවර ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post