News Line| Off Air
Generic placeholder image

Sep
6

බ්‍රිතාන්‍යයේ ෂාලට් කුමරිය පාසල් අධ්‍යාපන අරඹයි

924 Views


බ්‍රිතාන්‍යයේ ෂාලට් කුමරිය පාසල් අධ්‍යාපන අරඹයි

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආර්යාව හෙවත් කේට් මිඩ්ල්ටන්ගේ දියණිය පසුගියදා සිය පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කළා.

විලියම් කේට් යුවල ෂාලට් කුමරිය ඇතුළත් කර ඇත්තේද තෝමසස් බෙතර්සී පාසලටයි.

ෂාලට් කුමරියගේ වැඩිමල් සොහොයුරා මෙන්ම විලියම් කේට් යුවලගේ වැඩිමල් පුතුද වන ජෝර්ජ් කුමරු අධ්‍යාපනය ලබන්නේද මෙම පාසලේ වන අතර ෂාලට් කුමරිය ලජ්ජාශීලිව මවගේ අතේ එල්ලීගෙන පාසලට පැමිණ තිබෙනවා.

පාසල් ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී හෙලන් හස්මීන් ඉදිරියට පැමිණ අතට අත දී ෂාලට් කුමරිය බොහොම ආදරයෙන් පිළිගත් බව සදහන්.

ඉන්පසු රජ පවුලේ සාමාජිකයන් පාසල් භූමියට රැගෙන යාමට ඇය කටයුතු කළා.

ජෝර්ජ් කුමරුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විලියම් කේට් යුවල වසරකට පවුම් 19 000ක මුදලක් තෝමසස් බෙතර්සී පාසලට ගෙවනු ලබනවා.

ජෝර්ජ් කුමරු අධ්‍යයාපන හදාරන බැවින් ෂාලට් කුමරිය වෙනුවෙන් සියයට 2ක වට්ටමක්ද විලියම් කේට් යුවලට හිමිව ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කළා.

ෂාලට් කුමරිය ඇගේ සිව්වැනි උපන්දිනය සමරුවේ පසුගිය මැයි දෙවැනිදා බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post