News Line| Off Air
Generic placeholder image

Sep
7

අගමැති රනිල් සමග සජිත් හෙට විශේෂ සාකච්ඡාවක්

1318 Views


අගමැති රනිල් සමග සජිත් හෙට විශේෂ සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් අද කොළඹට කැදවා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා මහතා පැවසුවේ, පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ සම්මේලනයක් සඳහා ඔවුන් කැදවා ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ හමුවක් හෙට පැවැත්වීමට නියමිතයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවති ගත් සාකච්ඡාවකදී තීරණයක් අනුව මෙම හමුව පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post