ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට අද එක්වුණා.ඒ නවසීලන්තය හා පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේදී තෙවැනි පන්දුවාරය යොමුකළ ලසිත් මාලිංග පිළිවෙළින් කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆෝඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් හා රොස් ටේලර් දවාගනිමින් මාලිංග මෙම දක්ෂතාව දැක්වන්න සමත්කම් දැක්වූවා.
මුන්රෝ දවාගැනීමත් සමග මාලිංග විස්සයි20 කඩුලු 100 සම්පූර්ණ කළ අතර ලෝකයේ එවැනි දක්ෂතාවත් දැක්වූ පළමු පන්දු යවන්නා බවටද මාලිංග ලෝක වාර්තාවක් පිහිට වූ අතර විස්සයි20 පිටියේදී මාලිංග ලබාගත් දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබා ගනිමින් එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම පන්දු යවන්නා වීමටදා මාලිංගල අවස්ථාව උදාවුණා.