News Line| Off Air
Generic placeholder image

Sep
7

ශ්‍රීලනිප ය සමග ඊයේ පැවති සාකච්ඡා සාර්ථකයි – ගෝඨාභය රාජපක්‌ෂ

936 Views


ශ්‍රීලනිප ය සමග ඊයේ පැවති සාකච්ඡා සාර්ථකයි – ගෝඨාභය රාජපක්‌ෂ

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සමග තමා ඊයේ (06) පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ පවසනවා.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරමින් පක්‌ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්‌ඩාගාරික ලසන්ත අලගියවන්න සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන පිරිස සහභාගී වී තිබෙනවා.

ගෝඨාභය රාජපක්‌ෂ සමග පැවැති සාකච්ඡාවේදී කරුණු කිහිපයක්‌ ගැන අවධානය යොමු කළ බවත් එහිදී දෙපාර්ශවයටම එකඟ විය හැකි මට්‌ටමින් සාකච්ඡා සාර්ථක වූ බවත් මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් මහින්ද අමරවීර මහතා සදහන් කළා.

ඒ අනුව ලබන සතියේදී යළිත් සාකච්ඡා පවත්වන බව ඔහු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post