තලේබාන් සංවිධානය සමඟ ඇති කරගත් සාම ගිවිසුම අවලංගු කළ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන්කර තිබුණේ තලේබාන් නායකයින් සමග සාකච්ඡ කිරීමට තමන් සූදානම් බවයි.
නමුත් කාබුල් නුවරදී පසුගිය 04 වනදා ඇමරිකා භටයෙකු ඇතුලූ පිරිසක් ඝාතකය කිරීමේ වගකීම භාර ගැනීමත් සමග තලේබාන් සංවිධානය සමග සාකච්ඡුා නතරකර දැමීමට ට්‍්‍රම්ප් තීරණයකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. සල්මේ කලීල්සාඞ් පසුගියදා තලේබාන් සංවිධානය සමග සාම ගිවිසුමක් ප‍්‍රකාශයට පත් කළා.
එම ගිවිසුමට අනුව සති 20 ක කාලයකදී අෆ්ගනිස්ථානයෙන් 5 400 ක ඇමරිකා හමුදාවක් ඉවත් කර ගැනීමට යොජනාවී තිබුණා.මේ වන විට ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා භටයින් 14 000 ක් රැුඳී සිටිනවා. ඇමරිකාව හා තලේබාන් සංවිධානය අතර සාකච්ඡුා වට 09 ක් මීටපෙර පවත්වා තිබුණා