News Line| Off Air
Generic placeholder image

Sep
8

පාකිස්තානු සංචාරයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් දෙගිඩියාවෙන්

2595 Views


පාකිස්තානු සංචාරයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් දෙගිඩියාවෙන්

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස අවසානයේදී එක්දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගිවීම සඳහා එළඹෙන 25 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් මේ තරග සංචාරය සදහා එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් වන ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් සිය අකමැත්ත පළ කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ සම්බන්දයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් සහ කී‍්‍රඩකයින් අතර පැවැත් වීමට සුදානම් කර තිබෙනවා.
2009 වසරේදී ලාහෝර් නුවරදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමෙන් පසු ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරගයක් සඳහා පමණක් 2017දී පකිස්ථානයේ සංචාරයක නිරත වුණා. කෙසේවෙතත් පකිස්තානු රජය ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම සංචාරය වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post