News Line| Off Air
Generic placeholder image

Sep
8

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවීමක්

20435 Views


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවීමක්

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය සාකච්ඡාවක් සඳහා හෙට කැඳවා තිබෙනවා.

පාකිස්තානු සංචාරය පිළිබද මෙහිදී සාකච්ඡ කරන බවයි ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා සඳහන් කළේ. අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා එල්ල කිරීම ඉතාම බරපතල තත්ත්වයක් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම මේ අතර එංගලන්තය හා ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අලූ බඳුන තරගාවලියේ සිව් වන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. තරගය පැවැත්වෙන්නේ මැන්චෙස්ටර්හීදී.
මේ වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම කඩුලූ 02 ක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 18 ක්.දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම කඩුලූ 06 ක් දැවී ලකුණූ 186 ක් ලබාගෙන සිටියදී සිය  ඉනිම අත්හිටුවා දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කලා. එංගලන්තය පලමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 301 ක්ඉනිම රැස් කල අතර ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ලකුණු 81 යි. නායක ජෝ රූට් ලකුණු 71 ක් රැස්කළ අතර ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ජොස් හේසල්වුඞ් කඩුලූ 4ක් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post