අළුබඳුන කි‍්‍රකට් ශූරතාවයට තවත් ලංවීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා. ඒ එංගලන්තය සමග පැවැති සිව්වන ටෙස්ට් තරගය ලකුණු 185 කින් ජය ගනිමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුළු 08 කට ලකුණු 497 ක් රැස් කරගෙන සිටි අතර එංගලන්තය පළමු ඉනිමට රැස් කලේ ලකුණු 301 පමණයි. දෙවන ඉනිමේදී තරගය ජය ගැනීමට ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 383 ක් වන අතර නමුත් එංගලන්තයට සියලූ දෙනා දැවි රැස් කර ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.
ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදී සත්කාරකත්වය දරන එංගලන්තය පරදා ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය හිමි කර ගත්තා. තරගයේ වීරයා ඕස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත්.