News Line| Off Air| Games
Generic placeholder image

Sep
9

වත්තලට හෙට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

552 Views


වත්තලට හෙට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (10) පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ, කැළණි ගඟ දකුණ ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරය යටතේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන්.

ඒ අනුව වත්තල – මාබෝල – ජාඇල සහ කටුනායක – සීදුව යන නගරසභා බල ප්‍රදේශවලට මෙන්ම වත්තල- මහර සහ ජාඇල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට හෙට දිනයේ මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

එමෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද එදින පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post