News Line| Off Air
Generic placeholder image

Sep
9

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක

614 Views


විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක

විශ්වවිද්‍යාල අනධ්‍යයන ප්‍රජාවට ඇති වී තිබෙන වැටුප් ගැටලුව විසඳා ගැනීම සඳහා හෙට (10) සිට ආරම්භ වන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය තුළින් විශ්වවිද්‍යාලවලට ඇති වන බලපෑමේ වගකීම ආණ්ඩුව භාර ගතයුතු බව විශ්වවිද්‍යාලීය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරනවා.

වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාවට අසාධාරණයක් සිදුකර තිබෙන බවත්, එම අසාධාරණය විසඳන බවට බලධාරීන් ලබා දුන් පොරොන්දු කඩ වී තිබෙන නිසා හෙට සිට සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවත් එම කමිටුවේ නියෝජිතයෝ පෙන්වා දුන්නා.

මෙම ක්‍රියාමාර්ගයට අනධ්‍යයන සේවයේ දහසය දහසකට (16,000) අධික පිරිසක් සහභාගී වන බවත් මේ හරහා සමස්ත විශ්වවිද්‍යාල කටයුතු ඇණහිටින බවත් අද (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළා.

හෙට (10) උදෑසන 08.00 සිට ගැටලු විසඳන තෙක් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද එම කමිටුවේ කමිටු සාමාජික විජයතිලක ජයසිංහ මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post