News Line| Off Air
Generic placeholder image

Sep
9

ෆැක්සායි ජපානයට කඩා වදී

723 Views


ෆැක්සායි ජපානයට කඩා වදී

ෆැක්සායි සුළි කුණාටුව ජපානයට කඩා වැදී තිබෙනවා. සුළි කුණාටුවේ ප‍්‍රභලත්වය පැයට කිලෝ මීටර 130 ක් බවයි ජපාන කාලගුණ බලධාරීන් සදහන් කලේ.
අවදානම් තත්වය මත දුම්රිය ගමන් වාර 100 ක් හා ගුවන් ගමන් වාර 100 ක් අවලංගු කර තිබෙනවා. කනගාවා සහ ටෝකියෝ ප‍්‍රාන්ත වල පුද්ගලයින් තුන් ලක්ෂ 90 000 කට දැනුම් දි ඇත්තේ ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි.

සුළිකුණාටුවත් සමග බලපා ඇති වර්ෂාව හේතුවෙන් ගංවතුර අවදානමක් ද මතුව තිබෙනවා. ජපානයට මෙම ආපදා තත්වය බලපා ඇත්තේ ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ කිරීමට දින කිහිපයක් තිබියදීයි. රටවල් 20 ක සහභාගීත්වයෙන් ලෝක කුසලාන රග්බි තරගාවලිය ලබන 20 වනදා ජපානයේ දී ආරම්භ වීමට නියමිතයි


News Articles
Latest Videos
Most Popular Post