News Line| Off Air| Games
Generic placeholder image

Sep
10

ගම්පහ සහ වත්තල ප‍්‍රදේශ කිහිපයකට අද පැය 18ක ජල කප්පාදුවක්

941 Views


ගම්පහ සහ වත්තල ප‍්‍රදේශ කිහිපයකට අද පැය 18ක ජල කප්පාදුවක්

ගම්පහ සහ වත්තල ප‍්‍රදේශ කිහිපයකට අද පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ නව ජල නල පද්ධතියේ ඉදි කිරීම් කටයුතු හේතුවෙන් අද පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
වත්තල – මාබෝල, ජා – ඇල සහ කටුනායක – සීදුව නගර සභා බල ප‍්‍රදේශ, වත්තල, මහර සහ ජා – ඇල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය සහ ගම්පහ ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post