පාකිස්තාන සංචාරයට සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම සංචිතය ඊයේ නම්කොට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කළ බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කළේ.ශ‍්‍රී ලංකා කණාඩායමේ ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට සහභාගී නොවන බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා.එම ක‍්‍රීඩකයින් මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවති විශේෂ සාකච්ඡවකදී.
දිමුත් කරුණාරත්න / නිරෝෂන් දික්වැල්ල / කුසල් ජනිත් පෙරේරා / ධනංජය ද සිල්වා / තිසර පෙරේරා / අකිල ධනංජය / ලසිත් මාලිංග / ඇනජෙලෝ මැතිව්ස් / සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් පාකිස්තාක සංචාරය සඳහා සහභාගී නොවන බව දැනුම්දී තිබෙනවා. වසර 10 කට පසු පූර්ණ තරගාවලියක් සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ මස අගදී පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.
දෙරට අතර එක්දින තරග තුනක් / පන්දුවාර 20 යි 20 තරග තුනක් පැවැත්වෙන්නේ සැප්තැම්බර් 27 වනදා සිට ඔක්තෝම්බර් 9 වනදා දක්වායි.දෙරට අතර ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.