ඉන්දියානු අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තබමින් දියත් කල චන්ද්‍රයානන් – 2 යානය චන්ද්‍රයාගේ පෘෂ්ටය ස්පර්ශයට මොහොතක්ව තිබියදී සදතරණ ලෑන්ඩරයෙහි හා පාලක මැදිරි සම්බන්දතාවය අහිමි වුණා.
මෙම අවස්ථාව ඉන්දියානු මාධ්‍යය සජීවීව නැරඹිමට සලසා තිබු අතර මෙම අවස්ථාවට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු පිරිසක් එක්ව සිටියා.
කෙසේවෙතත් සියලු දෙනාම නෙත් අයා සිටි එම අවස්ථාව සැනෙකින් කැඩී බිදී ගියේ එම සද තරණ ලෑන්ඩරය හා පාලක මැදිරියෙන් ගිලිහි යෑමෙන්ය.
ඒ අනුව මෙම යානයට සිදු වූ දෙය පිලිබදව තවම නිශ්චිත නිල තොරතුරක් ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් මාධ්‍යය වෙත ඉදිරිපත් කර නොමැති අතර විද්‍යාඥයන් මත පල කරන්නේ “සැරිසැරීමේ” අදියරදී ලෑන්ඩරයට සිදු වූ යම් ගැටළුවක් වන්නට ඇති බවයි.