මිල සූත‍්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 සහ සුපිරි ඞීසල් ලීටරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 02 කින් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියලකින් අඩු කර තිබෙනවා.
ඔටෝ ඞීසල් මිලේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර සංශෝධිත මිල ගණන් වලට අනුව රුපියල් 138 කට අලෙවි වූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 137 ක්.
රුපියල් 163 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 161 ක් ලෙස මිල සංශෝධනය වී තිබෙනවා. රුපියල් 134 කට අලෙවි වූ සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක්. රුපියල් 104 කට අලෙවි වන ඔටෝ ඞීසල් ලීටරයක මිල වෙනස් වී නැහැ.
ලෝක වෙළදපලේ ඉන්ධන මිල ගණන් වලට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම සෑම මසකම 10 වනදා සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ යටතේ ඉන්ධන මිල කමිටුව මෙම තීරණ වලට එළඹුණේ ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී