නව දුම්රිය පුලතිසි නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය ලෙස නම් කර තිබෙනවා.
දුම්රිය පොල්ගහවෙල / කුරුණෑගල / මහව / කලාවැව / කැකිරාව / හබරණ / හිගුරක්ගොඩ සහ පොලොන්නරුව යන දුම්රිය ස්ථාන වල නවත්වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.05 ට දුම්රිය පිටත් වීමට නියමිත අතර පැය 6කින් එය පොළොන්නරුව වෙත ළඟා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ.
එම දුම්රිය පොලොන්නරුව දුම්රිය ස්ථානයෙන් අලූයම 03 45 ට යළි කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතයි