ලෝක බෝරාවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගිවීමට පැමිණි පිරිස් ආපසු තම රටවල් වෙත පිටත්වීමට පැමිණ සිටීමත් සමඟ කටුනායක ගුවන් තොටුපලේ මේ වනවිට මගී තදබදයක් හටගෙන තිබෙනවා.
බෝරා සමුළුව සඳහා සහභාගිවීමට විදේශ රටවල් 40 කට අයත් බෝරාවරුන් 21,000 කට වැඩි පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි බව සදහන්.
එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපලේ පවතින ඉඩකඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
එවැනි පසුබිමක් යටතේ මෙවැනි විශේෂ අවස්ථාවලදී කටුනායක ගුවන් තොටුපල මගී තදබදය ඇතිවීම වැළැක්විය නොහැකි බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.