කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින වැසි හා අකුණු පිළිබඳවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එසේම ඉදිරි පැය කිහිපයේදී ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි පවසන්නේ. තද වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.