News Line| Off Air
Generic placeholder image

Sep
12

මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා භාරයේ

2519 Views


මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා භාරයේ

1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට අසල වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට අයත් යැයි සැලකෙන පෞරාණික අවරපෙත්තක් නාවික හමුදා මෙහෙයුමකින් ගොඩගෙන තිබෙනවා.

වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් ගවේෂණයකදී මුහුදු පතුලේ සුන්බුන් අතර තිබී මෙම විශාලත අවරපෙත්ත සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම මෙහෙයුම ‘ඒ 521’ යාත්‍රාව මගින් සිදු කර ඇති අතර ඒ යාත්‍රාව සිදුකළ පළමු මෙහෙයුමද මෙය වෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් ඒකකය විසින් ගොඩගත් විශාලතම අවරපෙත්ත ලෙසද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post