News Line| Off Air
Generic placeholder image

Sep
12

ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත තර්ජන

4388 Views


ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත තර්ජන

පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ත‍්‍රස්තවාදී තර්ජනයක් පවතින බවට දැනුම් දීමක් සිදු කර තිබෙනවා
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සදහන් කලේ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා හරහා අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි
ඒ අනුව පකිසතාන තරග සංචාරයේ නිරත වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබද යළි සලකා බලන ලෙස දැනුම් දී තිබෙනවා
පාකිස්ථාන තරග සංචාරයේ ශ‍්‍රී ලංකා එක්දින නායකයා ලෙස ලහිරු තිරිමාන්න නම් කර තිබෙනවා
ක‍්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමි වූ බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සදහන් කලේ.

20 යි 20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක නම් කර තිබෙනවා.ශ‍්‍රී ලංකා කණාඩායමේ ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට සහභාගී නොවන බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේ පසුගිය 09 වනදායි.
දිමුත් කරුණාරත්න / නිරෝෂන් දික්වැල්ල / කුසල් ජනිත් පෙරේරා / ධනංජය ද සිල්වා / තිසර පෙරේරා / අකිල ධනංජය / ලසිත් මාලිංග / ඇනජෙලෝ මැතිව්ස් / සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් පාකිස්තාක සංචාරය සඳහා සහභාගී නොවන බව දැනුම්දී තිබෙනවා.
වසර 10 කට පසු පූර්ණ තරගාවලියක් සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ මස අගදී පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. දෙරට අතර එක්දින තරග තුනක් / පන්දුවාර 20 යි 20 තරග තුනක් පැවැත්වෙන්නේ සැප්තැම්බර් 27 වනදා සිට ඔක්තෝම්බර් 9 වනදා දක්වායි. ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post