News Line| Off Air
Generic placeholder image

Sep
12

ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමෙන් ඇපල් මැක්බුක් ප්‍රෝ උපාංග පිලිබද තහනමක්

1664 Views


ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමෙන් ඇපල් මැක්බුක් ප්‍රෝ උපාංග පිලිබද තහනමක්

ඇපල් සමාගම විසින් නිෂ්පාදිත අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැගෙන යාම සීමා කිරීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඇපල් සමාගම විසින් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග නිපදවා ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි.

ඒවායේ බැටරිය අධික ලෙස රත්වී ගිනි ගැනීමේ අවදානමක් ඇති විය හැකි බව ඇපල් සමාගම නිවේදනය කර ඇති බව සදහන්. අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැුගෙන යාම සීමා කිරීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇත්තේ ද ඒ අනුවයි.

තවද තමන් සතු අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ආරක්ෂිත බවට ඇපල් සමාගමෙන් තහවුරුවක් ලබා ගන්නා ලෙස ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එවැනි තහවුරුවක් ලබාගෙන නොමැති අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය යානා තුළ රැගෙන යාමට අවසර නොදෙන බව ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post