දකුනු ඉන්දියාවේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.අනතුර සිදු වුනේ අන්ද්‍රා ප‍්‍රදේශ හී ගොඩවරී ගංගාවේදීයි
සංචාරක බෝට්ටුව ගල් පර්වතක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි ඉන්දීය සහන කන්ඩායම් සදහන් කලේ.
අනතුර සිදු වන අවස්ථාවේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ එහි ගමන් කර තිබෙනවා. පුද්ගලයන් 27 දෙනෙකු බේරා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.
අතුරුදන් වූ 30 දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවාමේ වන විට අණාවරණය වී ඇත්තේ නියමිත ප‍්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම හේතුවෙන් එය පාලනය කර ගත නොහැකිව ගල් පර්වතයේ ගැටී ඇති බවයි.
සංචාරක බෝට්ටුව නිසි බලපත‍්‍රයක් ද නොමැතිව ධාවනය කර ඇති බවට හළි වී තිබෙනවා. එම බෝට්ටු සේවාව වහාම අත්හිටුවන ලෙයසි අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ජගන් මොහාන් උපදෙස් ලබා දී ඇත්තේ.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපතට පත් වුවන් වෙනුවෙන් ශෝකය පල කර තිබෙනවා.