News Line| Off Air| Games
Generic placeholder image

Sep
16

දිවයින පුරා තද වැසි – ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

568 Views


දිවයින පුරා තද වැසි  – ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට මිලි මීටර 100- 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම තද වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඒම නිසා එම ප්‍රදේශ වලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර තිබෙනවා.ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට මෙලෙස අනතුරු ඇගවීම් තිබෙන අතර ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අධික වැසි හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙන අතර මාර්ග බොහොමයක්ද මෙලෙස ජලයෙන් යට වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post