News Line| Off Air
Generic placeholder image

Sep
16

නෙලූම් කුළුණ අද විවෘත වෙයි

940 Views


නෙලූම් කුළුණ  අද විවෘත වෙයි

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ අද විවෘත කිරීමට නියමිතයි.ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ සැළකෙන්නේ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස යි. මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 356 ක උසකින් යුක්තයි.මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 ක්.

ඉන් 80 % ක් චීනයේ් ණය ආධාර යටතේ ඉදිකර තිබෙනවා. බේරේ වැව අසල ඉදිකර ඇති නෙළුම් කුළුණේ පාදමේ තට්ටු තුනක් මහජන භාවිතය සදහා පමණක් වෙන් කර තිබෙනවා. සුපිරි අවන්හල්, හෝටල්, ශ‍්‍රවණාගාර, රැස්වීම් ශාලා ආදී පහසුකම් වලින් නෙළුම් කුළුණ සමන්විතයි.ඊට කැරකෙන අවන්හලක් ද ඇතුළත්.
නෙලූම් කුලූනේ සවිකර ඇති විදුලි සෝපාන දැනට මෙරට පවතින වේගවත්ම විදුලි සෝපාන වනවා. ඊට තත්පරයකට මීටර් 7 ක් ගමන් කළ හැකියි.
නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.එම දෙපාර්තමේන්තුව කළේ, රුපියල් 45.00 ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත‍්‍රිකාවක් සහ මුල්දින කවරයක් ද අද නිකුත් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post