News Line| Off Air
Generic placeholder image

Sep
16

බොරතෙල් මිල සිඝ්‍රයෙන් ඉහළට

1726 Views


බොරතෙල් මිල සිඝ්‍රයෙන් ඉහළට

පසුගියදා සෞදි ආරාබියේ අරම්කො රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ද්‍රෝන ප්‍රහාර හේතුවෙන් ලෝක බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා.

සෞදි ආරාබිය ලෝකයේ ප්‍රධාන තෙල් අපනයනකරුවා වන අතර ඒ අනුව ලෝක තෙල් මිල කෙරෙහිත් ගෝලීය ආර්ථිකය කෙරෙහිත් සැලකිය යුතු බලපෑමක් මේ හේතුවෙන් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් තෙල් මිල එලෙස ඉහල යෑම පාලනය කිරීම සදහා ඇමෙරිකා ජනපති ඩොනර්ල්ඩ් ට්‍රම්ප් සිය එකසත් ජනපද සතු තෙල් සංචිතයන් වෙළෙදපොලට නිකුත් කිරීමට නියෝග කර ඇති අතර මේ හේතුවෙන් තෙල් මිල සුළු වශයෙන් හෝ පාලනය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post