News Line| Off Air
Generic placeholder image

Sep
19

මහජන බැංකු පනත සම්මත වෙයි

762 Views


මහජන බැංකු පනත සම්මත වෙයි

මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (19) සම්මත වුණා.

පසුගිය 17දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම පනත් කෙටුම්පත අද සභාවේ න්‍යාය පත්‍රයට ඇතුලු කර ඇති අතර ඒ අනුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට සභාවේ අවසරය ලැබුණා.

මෙම පනත් කෙටුම්පතේ වගන්ති තුනක් සංශෝධනය කළයුතුයැයි විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන,බිමල් රත්නයක හා සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රිවරුන් ඉල්ලා සිටි අතර ආණ්ඩු පක්ෂය එම සංශෝධන පිළිගැනීමට සූදානම් නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවා.

එහෙත් අවසානයේදී එම සංශෝධන ඇතුලු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවති අතර එහිදී එම සංශෝධන පරාජයට පත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post