විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පැවැත්වීමට නියමිත 2020 වසරේදී ජාත්‍යයන්තර කි‍්‍රකට් කණ්ඩායම් 06 ක් ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. විස්සයි විස්ස තරග සදහා ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙමින් මේ වන විට ආරම්භ වී ඇති ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වන ටෙස්ට් තරග කිහිපයක්ද ලබන වසරේදි ශී‍්‍ර ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.
නව වසරේ ඇරඹුමත් සමග ප‍්‍රථමයෙන් අයර්ලන්තය සමග ටෙස්ට් තරගයක් ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම විශේෂත්වයක්. 2017 වර්ෂයේදී ටෙස්ට් වරම් ලැබූ අයර්ලන්තය ලොව 11 වන අයි.සී.සී ටෙස්ට් සාමාජිකයා වන අතර ආසියානු කලාපයේ ටෙස්ට් තරගයක කී‍්‍රඩා කරන්නේ ප‍්‍රථම වරටයි.
ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් නොවේ. කෙසේවෙතත් ලබන වසරේ මාර්තු මාසයේදී එංගලන්ත කණ්ඩායමත් ජූලි මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමත් මෙරටදී කී‍්‍රඩා කිරීමට නියමිත ටෙස්ට් තරගාවලි ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත්.
ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ඔක්තොම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන බැවින් විස්සයි විස්ස තරග සදහා වැඩි අවස්ථාවක් ලැබී තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් ජූනි මාසයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායමත් ජූලි මාසයේදී ඉන්දීය කණ්ඩායමත් විස්සයි විස්ස තරගාවලි සදහා ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.
මීට පෙර තරග කාල සටහනට අනුව ලබන වසරේ ජනවාරියේදී ශී‍්‍ර ලංකා පිල ටෙස්ට් තරග දෙකකට සිම්බාබ්වේ සංචාරයක නිරතවීමට නියමිතව තිබුණද සිම්බාබ්වේ පිලට ජාත්‍යයන්තර කි‍්‍රකට් තහනමක් පැනවීමෙන් එම සංචාරය අවලංගු කෙරුණා.
එමෙන්ම ලබන වසරේ ඔක්තොම්බර් මාසයේදී සිම්බාබ්වේ පිල එක්දින හා විස්සයි විස්ස තරගාවලි සදහා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව සිටියද එම සංචාරයද අවලංගු කර තිබෙනවා.