ලයිබීරියානු අගනුවර ඉස්ලාමිය පාසලක හටගත් ගින්නකින් ඒ අසල පාසල් බෝඩිමට එම ගින්න පැතිර යෑම හේතුවෙන් බෝඩිමේ නිදා සිටි ළමුන් ඇතුළු 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අනතුර සිදු වූ ස්ථානයට ලයිබීරියානු ජනාධිපති ජෝර්ජ් වී එම ස්ථානයට පැමිණ සිය ශෝකය පල කර තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ විදුලි කාන්දුවක් නිසා බව පැවසෙන අතර කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.