News Line| Off Air
Generic placeholder image

Sep
20

මැතිවරණය වෙනුවෙන් රාජ්‍ය දේපළ අවභාවිතය තහනම් – මැතිවරණ කොමිසම

660 Views


මැතිවරණය වෙනුවෙන් රාජ්‍ය දේපළ අවභාවිතය තහනම් – මැතිවරණ කොමිසම

රාජ්‍ය උත්සව සහ රාජ්‍ය දේපළ භාවිත කර පක්ෂ, අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් ප‍්‍රවර්ධනය හෝ අගතියට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසම සදහන් කලේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සහ මැතිවරණ කොමිසමේ විධිවිධානවලට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
මහජන මුදල් වැය කරමින් කරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම් සහ ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සව වලදී දේශපාලනඥයින් ප‍්‍රවර්ධනය කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා.
එවැනි අවස්ථා පිළිබඳ පැමිණිලි කොමිසමට ඉදිරිපත් කල හැකි අතර දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් / නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.
එම කොමිසම සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කැඳවීම සිදු කර ඇති බවයි.
එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්ද සහ අනෙකුත් කටයුතු පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ කාල සීමාව ඊයේ සිට ආරම්භ වුණා.

මේ වන විට අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර ඊට ස්වාධීන කන්ඩායම් අපේක්ෂකයින් 03 දෙනෙකු හා පිළිගත් දේශපාලන පක්ෂ නියෝජණය කරන එක් අපේක්ෂකයෙකු ඇතුළත්.
ලබන මස 06 වනදා දහවල් 12 00 දක්වා ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post