ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සමෘද්ධි නිලධාරින් මේ වන විට බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක නිරත වෙනවා.
මේ හේතුවෙන් බොරැල්ල සහ බත්තරමුල්ල සහ ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වන අතර විරෝධතාවය හේතුවෙන් දියත උයන ආසන්නයේ සිට පාර්ලිමේන්තුව දෙසට වන මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.