News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට කටුවන ප‍්‍රදේශයේ දී වෙඩි

505 Views


අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට කටුවන ප‍්‍රදේශයේ දී  වෙඩි

කටුවන ප‍්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. පොලීසිය පැවසුවේ ප‍්‍රදේශයේ ගවයෙකු සොරකම් කිරීමක් සම්භන්ධයෙන් ලද පැමිණිල්ලක විමර්ශන අතරතුර මෙම වෙඩි තැබීම සිදු වූ බවයි.
අදාළ විමර්ශන සදහා පොලීසිය ඊයේ රාත‍්‍රියේ හොරේවෙල හංදිය ප‍්‍රදේශයේ රැදී සිට තිබුණා. එහිදී මාර්ගයේ ධාවනය වු මෝටර් රථයකට නවත්වන ලෙසට සංඥා කල ද එය අණ නොතකා ධාවනය කිරිම හේතුවෙන් පොළීසිය වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබුනේ එහි රෝදයටයි.
එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා මෙලෙස අත්අඩංගුවට පත් වුනේ 44 හැවිරිදි මීඇල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සොරකම් කල ගවයා මාතරට රැුගෙන ගිය බව පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා තිබෙනවා. පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි


News Articles
Latest Videos
Most Popular Post