සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් සිදු කරන විනය පරීකෂණයට අදාළ ගොනුව අද නීතිපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසමට යොමු කිරීමට නියමිතයි. මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ ඇවන්ට්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් නඩුපැවරීම පිලිබද දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ට්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර ඇති වු බව පැවසෙන දුරකථන සංවාදය පිලිබදවයි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය දේශපාලනන වාසි මත ඇවන්ට්ගාඞ් සමාගමට නඩු පැවරූ බව පැවසෙන දුරකථන සංවාදයක හඩ පටයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් පසුගිය 20 වනදා සිංගප්පුරුවේ සිට සමාජ මාධ්‍ය වෙත නිකුත් කලා.
මෙහිදී අදාළ හඩ පටයේ අතුලත් කරුණු සම්බන්ධයෙන් සහ එහි හඩ පිලිබද දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය කර ඇති ප‍්‍රකාශ ද සැලකිල්ලට ගනු ඇති.
සුදුසු පුද්ගලයකු පත් කර මෙම විනය පරීක්ෂණය පැවැත්වීමට නීතිපතිවරයා තීණය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සිය ෆෙස් බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ එම හඩ පටය විකෘති කර ඇති බවයි. එහි සම්පුර්ණ හඩපටය නිකුත් කරන ලෙසද ඇය නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක් කළා. ඇය වැඩිදුරටත් සදහන් කලේ දුරකථ සංවාදයේ සදහන් දේශපාලකයාගේ නම ප‍්‍රසිද්ධියට පත් කරන ලෙසයි.