News Line| Off Air
Generic placeholder image

Sep
23

බස්නාහිර සබරගමුව දකුණ හා මධ්‍යමට මිලි මීටර 150 ක වැසි

656 Views


බස්නාහිර සබරගමුව දකුණ හා මධ්‍යමට මිලි මීටර 150 ක වැසි

දිවයිනේ පවතිනන වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සබරගමුව දකුණු මධ්‍යම බස්නාහිර පළාත් වල අ ඇතැම් ස්ථාන වලට මිලි මීටර 150 ට වඩා වැඩි වැසි ඇති විය හැකි බවයි.
වයඹ උතුර ඌව හා නැගෙනහිර පළාත් වල මිලි මීටර 75 ට වැඩි වැසි බලාපොරොත්තු විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශ වල තාවකාලික තද සුළං ඇති විය හැකියි. මාතර දිස්ත‍්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟ හා නිල්වලා ගෙඟ් අතු ගංඟාවක් වන කිරම ආර ඔය පිටාර ගලා තිබෙනවා.
මේ හේතුවෙන් අවට ප‍්‍රදේශ කිහිපයක පහත් බිම් රැුසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන්.ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රධාන ජලාශ හයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාතයාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ එම ජලාශ වල ජල මට්ටම සියයට 56 යි දශම 6 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ලබන මස 02 03 හා 04 යන දින වලදී බස්නාහිර / දකුණ / මධ්‍යම සහ සබරගමුව පලාත් කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් සංවිධානය කර ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post