News Line| Off Air
Generic placeholder image

Sep
23

විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

858 Views


විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට හෙට (24) දිනයේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් 25 වැනිදා සිට වෘත්තීමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

තෝරාගත් පිරිසකට වැටුප් වැඩි කිරීමත් සමග විධායක සේවා නිලධාරීන්ට මෙම ගැටලුව ඇති වී තිබෙන බව එම සංගමයේ ලේකම් එච්.එල්. උදයසිරි මහතා කියා සිටියා.

2018 වසරේදී මෙම වැටුප් විෂමතාව ඇති වූ බවත්, රාජ්‍ය සේවක වැටුප් ප්‍රතිපත්තිය අමු අමුවේම මේ ආණ්ඩුව උල්ලංඝණය කර තිබෙන බවත් අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළා.

මෙම ගැටලුව විසඳීමට හෙට (24) දිනයේදී කටයුතු නොකළහොත් අනිද්දා (25) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එච්.එල්. උදයසිරි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post