News Line| Off Air
Generic placeholder image

Sep
23

සෞදි ප‍්‍රහාරය බරපතලයි – එක්සත් අරාබි එමීර් රජයෙන් ප‍්‍රකාශයක්

848 Views


සෞදි ප‍්‍රහාරය බරපතලයි  –  එක්සත් අරාබි එමීර් රජයෙන් ප‍්‍රකාශයක්

සෞදියට ඩ්‍රෝන ප‍්‍රහාර දෙකක් එල්ල කිරීම ඉතා බරපතල තත්වයක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසනවා. එහි විදේශ කටයුතු අමාත්‍ය අන්වර් ගර්ගාෂ් මේ බව සදහන් කලේ සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. යේමන යුද්ධයේ ප‍්‍රතිඵල මත මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බව පිලිගත නොහැකි බව ද ඔහු සදහන් කලා.

ගල්ෆ් කලාපය තුළ අණාරක්ෂිත බව වර්ධනය වෙමින් පවතින බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කලේ මේ අතර සවුදියේ තෙල් සැකසුම් මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාර පිළිබදව එල්ල වන චෝදනා ඉරාන ජනාධිපති හසන් රවුහානි යළි ප‍්‍රතික්ශේප කර තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා සදහන් කලේ ඇමරිකානු ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා සිය රටට කල අපහාසයක් ලෙසයි. මෙම ප‍්‍රහාරය ඉරානය විසින් එල්ල කර ඇති බව ඇමරිකාව චෝදනා කලා. ඉරානයට එරෙහිව යළි සම්බාධක පනවන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගියදා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post