News Line| Off Air
Generic placeholder image

Sep
24

ආපදා ගැන දැනුම් දෙන්න පොලිසියෙන් දුරකථන අංක දෙකක්

1158 Views


ආපදා ගැන දැනුම් දෙන්න පොලිසියෙන් දුරකථන අංක දෙකක්

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිසිය හදිසි දුරකථන අංක දෙකක හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 0112 587229 සහ 0112 2454576 යන අංකයන් ඔස්සේ විපතට පත් ජනතාවට පොලිසියට ඒ සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඊට අමතරව විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් ජීවිතාරක්ෂක සහ ආපදා සහන නිලධාරීන් 50 දෙනා බැගින් 150 දෙනෙකු මේ වන විට ගාල්ල, මාතර සහ කළුතර යන පොලිස් කොට්ඨාශ වෙත යවා තිබෙනවා.

කිමිදුම් පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් 50 දෙනෙකු අවශ්‍ය ඕනෑම මොහොතක අදාළ ප්‍රදේශ වෙත යැවීමට සුදානම් කර තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර පොලිස් නාවික කොට්ඨාශ සතු යාත්‍රා 50ක් සහ ඔරු අදාළ ප්‍රදේශ වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post