එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය අද [24] රාත්‍රියේ පළවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා.
මේ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට [25] සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බව සදහන්.