News Line| Off Air
Generic placeholder image

Sep
24

ගනේමුල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

1476 Views


ගනේමුල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

ගනේමුල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට (25) පැය 18 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ, කඩවත පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව පළමු අදියර යටතේ හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කඩවත – ගණේමුල්ල මාර්ගයේ කොස්හින්න සිට කිරිදිවැල දක්වා සියළුම අතුරු මාර්ග මෙන්ම ගණේමුල්ල, ගලහිටියාව, කැටුවාලමුල්ල, කොස්සින්න, පරකරන්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සදහන්.

දෙවන අදියර යටතේ හෙට පස්වරු තුනේ සිට පසු දින පෙරවරු 9 දක්වා කඩවත – ගණේමුල්ල මාර්ගයේ කඩවත සිට පොල්හේන මංසන්ධිය දක්වා සියළුම අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post