මේ වන විට ගිං ගඟේ ධාරා ප්‍රදේශයේ බද්දේගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එබැවින් පහල ධාරා ප්‍රදේශයේ ගඟ දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
අද(24) පෙරවරු 10 න් අවසන් වු පැය 12 තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොමැති වුවත් පෙර දිනයේ වර්ෂාපතනය හේතුකොට ගෙන ඉහළ නැඟ තිබු පහළ ධාරා ප්‍රදේශයේ ජල මට්ටම තව දුරටත් ක්‍රමයෙන් ඉහළ නගිමින් පවති.
දැනට පවතින කාලගුණික තත්ත්වය අනුව බද්දේගම ජල මිනුම් ස්ථානයේ ජලමට්ටම ක්ෂණික අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මහ ගංවතුර මට්ටම ලෙස මීටර 5 ක් දැක්වෙන අතර, ගිං ගඟේ බද්දේගම ජල මට්ටම මේ වන විට මීටර 4.57 දක්වා ඉහළ නැග ඇත.
ගිං ගඟේ තවලම ජලමිනුම් ස්ථානයේ මේ වන විට මීටර 3.36 දක්වා ජල මට්ටමක් පෙන්නුම් කරන අතර පහත් ප්‍රදේශවල ජනතාවට විමසිලිවත් වන්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.